මෙරට භාවිතා කරන එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්..
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව, පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.
පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පෞද්ගලික දේශීය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි.
පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ, එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් "සුපරීක්ෂණ කාලයකට" යටත් කළ යුතු වුවද මේ සඳහා අනුමැතිය ලබාදීමේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බවයි.
ඒ අනුව, මෙම එන්නත් වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් ඇති වියහැකි හානිය වළක්වා ගැනීම සඳහා පෙත්සම සලකා බැලීමට කඩිනම් දිනයක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදුකර ඇති බවයි සදහන් කළේ.
