එන්නත් දෙකම ගත් 714 කට සිදු වු දේ..?

COVID19 VACCINATION QUARANTINE CURFEW VACCINE CENTERS
By Sewvandhi Nov 04, 2021 02:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයින් 581 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 542,793ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනා ගැණුනු සියළු ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 15,122ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කළ මරණ 21ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයින් 11,609 දෙනෙකු අතරින් 714 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් බවයි.

එමෙන්ම , කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (නොවැම්බර් 04) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති.මීට අමතරව වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායම් සඳහා ද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකි බවද දන්වා තිබෙනවා.

ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery