පොදු ස්ථානවලට යෑමට එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ

By Sewvandhi Dec 10, 2021 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මේ වනවිට නීති උපදෙස් ගෙන ඇත.

එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද (10) තීරණය කළේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW