එන්නත්කරණය පමා වීමෙන් ලොව පුරා ළමා රෝග ඉහළ යාමේ අවදානමක්
කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා මිලියන 23 ඉක්මවූ ළමයින්ට අනිවාර්යයෙන් ලැබිය යුතු එන්නත් නොලැබීම නිසා සරම්ප, පොලියෝ ඇතුළු අනෙකුත් වැළැක්විය හැකි ළමා රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ස්පර්ශයෙන් ඉහළ බෝවීමේ හැකියාවක් සහිත සරම්ප රෝගය වයස අවුරුදු 5 ට අඩු ළමයින්ට මාරාන්තික විය හැකියි. එමෙන්ම, පෝලියෝ රෝගය ද ළමයින්ගේ ජීවිත බිඳ හෙලන රෝගයක්.
මීට අමතරව, ඩික්ටීරියා, පිටගැස්ම ආදී රෝගවලට ද ළමයින්ට අනිවාර්ය එන්නත් ලබාදිය යුතුයි.
කෙසේ නමුත්, දුර්වල සෞඛ්‍ය පද්ධතීන් සහිත අප්‍රිකානු සහ ආසියානු රටවල ළමා එන්නත්කරණය පමාවීමක් පසුගිය වසරේදී දක්නට ලැබුණා. ඉන්දියාව, නයිජීරියාව ඇතුළු රටවල් 10ක ළමයින් 22.7කට ගත වූ වසරේදී මෙලෙස නියමිත එන්නත් ලබාදීමට නොහැකිවී ඇති බව සඳහන්.
මීට අමතරව, ඇෆ්ගනිස්ථානය, මාලි, සෝමාලියාව සහ යේමනයේ ද ළමා එන්නත්කරණය පමාවීම වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |