විශ්වවිද්‍යාල සිසුවෙක් මුහුදු රළට බිලිවෙයි

By Sewvandhi Jul 02, 2022 04:29 PM GMT
Report

බෙලිවත්ත සීතගල්ල ස්වාභාවික මුහුදු තටාකයේ දිය නෑමට ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ සිසුන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් එක් අයෙකු අතුරුදන්ව දෙදෙනකු ගේ ජීවිත බේරාගෙන ඇතැයි දික්වැල්ල පොලීසිය පවසනවා.

මේලෙස අතුරුදහන් වි ගාල්ල තල්ගම්පල පදිංචිව සිටි පංකජ ජයෝද නමැති 22 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අනතුරින් දිවි බේරාගත් මාතර කැකණදුර පදිංචි චමෝද් රුවන්ගේ මාතර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයෙත් මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි අනෙක් ශීෂ්‍යයා මාතර මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අද උදැසන කඹුරුපිටිය ගම්උදාව ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයෙන් අනතුරට පත් සිසුන් ඇතුල් ශීෂ්‍ය කණ්ඩායමක් මෙම සීතගල්ල ස්භාවික තාටකයට පැමිණ විනෝදවෙමින් සිට ඇති අතර එම පිරිසෙන් 6 දෙනෙකු මුහුදේ තාටාකයේ පිහිනමින් සිටින අතරතුර අද පස්වරුවේ දිවයින වටා පිහිටි මුහුද එක්වරම රළුවිම මෙම ස්ථානයටත් බලපැම් එල්ල කල කිරිමෙන් මුහුදු රළ තාටකයට පතිත විමත් සමග ඉන් තිදෙනෙකු තාටාකයෙන් පිටත පිහිටි මුහුදට ඇදි යාමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

අද පස්වරැව වන තෙක්ම අතුරුදන් සිසුවා සොයා ප්‍රදේශවාසින් ඇතුලු දික්වැල්ල පොලීසිය මෙහෙයුම් සිදු කලද කිසිදු තොරතුරක් සොය ගැනිමට නොහැකි වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now