මේ වීසා අයැදුම්කරුවන්ගේ වීසා පසුබිම් පරික්ෂාවන් දැඩි වෙයි - ආයේ ලේසියකට යන්න වෙන්නේ නෑ
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එරටට ඇතුළුවීමට අපේක්ෂා කරන සියලුම වීසා අයදුම්කරුවන්ගේ පසුබිම් පරීක්ෂාවන් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙහි තීරණාත්මක පියවරක් වශයෙන් සියලුම සංක්‍රමණික සහ සංක්‍රමණ නොවන වීසා අයදුම්කරුවන් තමන් භාවිත කරන සමාජ මාධ්‍ය හඳුනා ගැනීම් (Social Media Identifiers) සැපයීම අනිවාර්ය කර ඇති බව සඳහන්.
එමෙන්ම ජාතික ආරක්ෂාවට හෝ මහජන සාමයට තර්ජනයක් විය හැකි, එරටට ඇතුළුවීමට නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම වෙනුවෙන් ලබාගත හැකි සියලුම තොරතුරු භාවිත කරන බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
වීසා පරීක්ෂණ සහ සත්‍යාපන ක්‍රියාවලියේදී මෙම දත්ත ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ඒ අනුව වීසා අයදුම්කරුවන් තමන් භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ විස්තර සැපයීම 2019 වසරේ සිට එක්සත් ජනපදය මඟින් අනිවාර්ය කර ඇත.
එබැවින් අයදුම්කරුවන් සිය වීසා අයදුම්පත්‍රවල තමන් සතු සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් කළ යුතු වේ.