ඉන්දීය සාගරයේ ආරක්ෂාවට නව පියවරක් තබමින් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව එක්ව CARAT 2026 නාවික අභ්‍යාසය ආරම්භ කරයි

Report

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන Cooperation Afloat Readiness and Training (CARAT) 2026 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සත්කාරකත්වයෙන් ජූලි 27 සිට 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹ ආශ්‍රිතව පැවැත්වෙන මෙම අභ්‍යාසයට අමෙරිකානු නාවික හමුදාව, අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් එක්ව සිටිති.

මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන CARAT නාවික අභ්‍යාස මාලාවේ හයවැනි අදියර වන අතර, සමුද්‍රීය ආරක්ෂාව, මානුෂීය ආධාර සැපයීම, ආපදා ප්‍රතිචාර සහ කලාපීය සූදානම වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

මිනිස්-අලි ගැටුමට විසඳුම් හොයන්න බිලියන 2ක දැවැන්ත පියවරක් වනජීවී නිලධාරීන්ට අලුත්ම වාහන තොගයක්

මිනිස්-අලි ගැටුමට විසඳුම් හොයන්න බිලියන 2ක දැවැන්ත පියවරක් වනජීවී නිලධාරීන්ට අලුත්ම වාහන තොගයක්

මෙම අභ්‍යාසය යටතේ සමුද්‍රීය තොරතුරු නිරීක්ෂණය, උපක්‍රමික වෛද්‍ය ප්‍රතිකාර, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ නෞකා පරීක්ෂා කිරීම, ඇතුළුවීම, සෙවීම හා අත්අඩංගුවට ගැනීමේ (VBSS) මෙහෙයුම් සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු සැසි පැවැත්වේ.

අනතුරුව සහභාගී වන පාර්ශ්ව ඒකාබද්ධ මුහුදු මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතය. සමුද්‍රීය නිරීක්ෂණ පුහුණු කටයුතු සඳහා අමෙරිකානු නාවික හමුදාවට අයත් P-8A Poseidon සමුද්‍රීය මුර සහ නිරීක්ෂණ ගුවන් යානයක්ද එක්වීමට නියමිතය.

එමෙන්ම, අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ Maritime Engagement Team කණ්ඩායම ශ්‍රී ලංකාවට අමෙරිකාව විසින් ලබාදුන් හිටපු USCG Cutter Douglas Munro නෞකාව වන SLNS Gajabahu (P626) මත පුහුණු කටයුතු සිදුකරනු ඇත.

මුහුදු මෙහෙයුම් සඳහා අමෙරිකාව විසින් ලබාදුන් විශේෂ කුඩා බෝට්ටුවක්ද භාවිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් සඳහන් කළේ, මෙම අභ්‍යාසය ශ්‍රී ලංකාව සමඟ පවතින ආරක්ෂක සහයෝගීතාව සඳහා අමෙරිකාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන බවයි

. "නාවිකයින් එකට පුහුණු වන විට, අවශ්‍ය අවස්ථාවලදී වඩාත් කාර්යක්ෂමව එක්ව ප්‍රතිචාර දැක්වීමට හැකි වන විශ්වාසය, අන්තර් ක්‍රියාකාරී හැකියාව සහ වෘත්තීය සබඳතා ගොඩනැගෙයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙහෙයුම් පුහුණුවලට අමතරව, ප්‍රජා සේවා වැඩසටහන්, ක්‍රීඩා ඉසව් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන්ද මෙම අභ්‍යාසයට ඇතුළත් වේ.

2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වාර්ෂික CARAT අභ්‍යාසයේ අරමුණ වන්නේ දෙරටේ ආරක්ෂක හමුදා අතර අන්තර් ක්‍රියාකාරී හැකියාව වැඩිදියුණු කිරීම සහ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂක අභියෝග, සෙවීම් හා ගලවා ගැනීම්, ස්වාභාවික ආපදා සහ අනෙකුත් කලාපීය තර්ජන සඳහා ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.

ඩොලරයේ අගය ගැන අද වාණිජ බැංකුවලින් ආපු අලුත්ම නිවේදනය මෙන්න

ඩොලරයේ අගය ගැන අද වාණිජ බැංකුවලින් ආපු අලුත්ම නිවේදනය මෙන්න