මැදපෙරදිග අමෙරිකානු - ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Report

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් මැදපෙරදිග ඇති ඊශ්‍රායල - අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව අනතුරු අඟවා ඇත.

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව කලාපයේ ඇති සියලුම විශ්වවිද්‍යාල නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසට දන්වා ඇති බව වාර්තා වේ

යුධ අපරාධයක් සිදුවෙලා - ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාරයක් - මාධ්‍යවේදීන් ඝාතනයට

යුධ අපරාධයක් සිදුවෙලා - ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාරයක් - මාධ්‍යවේදීන් ඝාතනයට

කලාපයේ එක්සත් ජනපද ආයතනවලට සිදු කරන ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය ඉරාන විශ්ව විද්‍යාලවලට බෝම්බ හෙලීම හෙළා දැකිය යුතුය.

මෙම හෙළාදැකීම මාර්තු 30 වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තව දුරටත් සදහන් කරයි.

මේ ලග්න වලට අද සුබයි , අද දින ලග්න පලාපල මෙන්න

මේ ලග්න වලට අද සුබයි , අද දින ලග්න පලාපල මෙන්න