සාම ගිවිසුම අත්සන් කරාට පස්සෙත් අමෙරිකාව පස්ස ගහයි - ලෝකෙම බලන් ඉද්දි ධවල මන්දිරයෙන් නිවේදනයක්

Report

ටෙහෙරාන් සහ වොෂින්ටන් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු, එක්සත් ජනපදය සහ ඉරානය අතර මූලික සාකච්ඡා සිකුරාදා එනම් අද(19) දින ස්විට්සර්ලන්තයේ බුර්ගන්ස්ටොක් කඳු මුදුනේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත රජය ඊයේ(18) පවසා තිබුණා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ තත්ත්වය අනුව, ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡා සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය මෙන්ම මැදිහත්කරුවන් වන පාකිස්තානය සහ කටාර් හෙට බර්ගන්ස්ටොක් හිදී හමුවීමට සැලැස්ම තවමත් පවතින බවයි.

එසේ වුවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කලින් සැලසුම් කළ පරිදි උප ජනාධිපති JD වැන්ස් ස්විට්සර්ලන්තයට යන ගමන ප්‍රමාද කරන බවයි.

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

ඒ අනුව ධවල මන්දිර ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ, "උප ජනාධිපතිවරයා සිය මාධ්‍ය හමුවේදී පැවසූ පරිදි, ඉදිරි තාක්ෂණික සාකච්ඡා සඳහා සැලසුම් අවසන් කර නොමැති අතර, එක්සත් ජනපද දූත පිරිස පළමු අවස්ථාවේදීම පිටත්ව යාමට සූදානම්ව සිටිති. නමුත් මෙම සාකච්ඡා වල සැපයුම් කටයුතු කිසි විටෙකත් සරල හෝ පුරෝකථනය කළ හැකි වී නැත," යනුවෙන්.
එමෙන්ම "දැනට උප ජනාධිපතිවරයා අද රාත්‍රියේ පිටත්ව යන්නේ නැහැ. ඊළඟ පියවර පිළිබඳව නිශ්චිත යාවත්කාලීන කිරීමක් ලැබුණු වහාම අපි ඔබට දන්වන්නෙමු. හැකි ඉක්මනින් තාක්ෂණික සාකච්ඡා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

කෙසේ වෙතත් අද දින අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ නිල උත්සවයක් සඳහා වැන්ස් ස්විට්සර්ලන්තයට යාමට නියමිතව තිබුණ ද ඊයේ දිනයේ උප ජනාධිපතිවරයා ගිවිසුමට පෞද්ගලිකව අත්සන් කිරීම සඳහා ස්විට්සර්ලන්තයට යාමට අදහස් කළ ද කාලය අවිනිශ්චිතව පවතින බව පිළි ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ගිවිසුම අවසන් කිරීම අරමුණු කරගත් තාක්ෂණික සාකච්ඡා මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිත බව සහ එක්සත් ජනපද සාකච්ඡා කණ්ඩායමට නායකත්වය දීමට තමා "නිසැකවම සැලසුම් කරන" බව වැන්ස් පවසා ඇත.

මුළු පිටියම දෙවනක් කරමින් ලෝක කුසලාන තරගාවලියේ කැනඩාවට ඓතිහාසික ජයක්

මුළු පිටියම දෙවනක් කරමින් ලෝක කුසලාන තරගාවලියේ කැනඩාවට ඓතිහාසික ජයක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්