සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

Report

අද (18) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇත.

ඒ අමෙරිකාව සහ ඉරානය අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල ලෙස අවසන් වන අතර, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' යළි විවෘත කිරීමටත්, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමටත් නියමිත බව සඳහන්.

ඒ අනුව මේ වන තෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බලශක්ති සැපයුම් අර්බුදයට මෙමඟින් විසඳුම් ලැබෙනු ඇත. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.12% කින් පහත වැටී ඇත.

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

ඒ අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙසයි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල 1.28% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81 ක් දක්වා අඩුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (17) කළ ප්‍රකාශයක් හේතුවෙන් තෙල් මිල ක්ෂණිකව නැවත ඉහළ ගියද, අද වන විට එය නැවතත් පහත වැටීම ආරම්භ වී ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ඇති කරගත් කරුණු 14 කින් යුත් එකඟතාවයත් සමඟ දින 60 ක සාකච්ඡා කාලසීමාවක් ආරම්භ වේ.

ලෝකයටම සුභ ආරංචියක් - තෙල් මිල පහළටම - ඩොලර් 80 සීමාව පසු කරමින් බිමට වැටුණු තෙල් මිල

ලෝකයටම සුභ ආරංචියක් - තෙල් මිල පහළටම - ඩොලර් 80 සීමාව පසු කරමින් බිමට වැටුණු තෙල් මිල

ඒ අනුව මෙම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වුවහොත්, මැදපෙරදිග තෙල් නැවත වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් 2027 වසරේදී අවශ්‍යතාවයට වඩා දිනකට තෙල් බැරල් මිලියන 5.05 ක් ඉතිරි වන "අධික සැපයුම්" තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් සඳහන්.

එසේම අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීමට එරට මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතින අතර එසේ පොලී අනුපාත ඉහළ දැමුවහොත් ආර්ථික වර්ධනය මන්දගාමී වී, තෙල් සඳහා ඇති ඉල්ලුම තවත් අඩු විය හැකි බවත් වාර්තා වේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න