යුද රස්නෙට ගිනි ගණන් ගිය පෙට්‍රල් නිසා අමෙරිකාව නරක කාලේ ලංකාවටත්? මේවත් ප්‍රමාද වෙන ලකුණු
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා පෙට්‍රල් සහ සිල්ලර බඩු මිල ඉහළ යාමක් හේතුවෙන් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 තුළ අනුපාත මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය වසර තුනකට පෙර උද්ධමනය 4% දක්වා ඉහළ ගිය පසු වන ඉහළම මට්ටමයි.
ඒ අනුව මෙය 2023 මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන වේගය බව සඳහන්. විශේෂයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.
ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.50 සීමාව ඉක්මවා ඇති බව සඳහන්.
එම තත්ත්වය නිසා පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව (Federal Reserve) ගෙන තිබූ තීරණ තවදුරටත් ප්‍රමාද වනු ඇති බව ආර්ථික විශ්ලේෂකන් පෙන්වා දෙයි.