අද ඩොලර් වෙළඳපොළෙන් සුබ ආරංචියක් - ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (26) දිනයේදී ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික පහත වැටී ඇති අතර, ඇතැම් බැංකුවල විනිමය අනුපාතිකවල වෙනසක් වාර්තා වී නොමැත.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.00ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 337.25ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.80 සිට රුපියල් 327.70 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රුපියල් 336.80 සිට රුපියල් 336.70 දක්වා අඩු වී තිබේ.
මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 328.11 සිට රුපියල් 328.06 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 336.24 සිට රුපියල් 336.19 දක්වා අඩු වී ඇත.
කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.33ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.25ක් ලෙසත් නොවෙනස්ව පවතී.
මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.50 සිට රුපියල් 328.25 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 336.50 සිට රුපියල් 336.25 දක්වා අඩු වී තිබේ.