ඩොලරයට මොකද වුණේ? ප්‍රධාන වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

Report

බදාදා දිනය හා සැසඳීමේදී අද (01) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි සුළු වෙනස්කම් දක්නට ලැබේ. බොහෝ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334කට ආසන්න මට්ටමක ස්ථාවරව පවතී.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.35ක් සහ විකුණුම් අනුපාතිකය රුපියල් 335.60ක් ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.10ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.10ක් ලෙස පවතී. මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.57 සිට රුපියල් 326.62 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.67 සිට රුපියල් 334.72 දක්වා ඉහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.84 සිට රුපියල් 324.59 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.75 සිට රුපියල් 334.50 දක්වා අඩු වී තිබේ.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.75ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.75ක් ලෙසත් නොවෙනස්ව පවතී.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

රුපියල නැවතත් ශක්තිමත් වෙයි -ප්‍රමුඛ වාණිජ බැංකුවල ඩොලරයේ නවතම මිල ගණන් මෙන්න

රුපියල නැවතත් ශක්තිමත් වෙයි -ප්‍රමුඛ වාණිජ බැංකුවල ඩොලරයේ නවතම මිල ගණන් මෙන්න