ගුවන් ගත වී සුළු මොහොතකින් දැවැන්ත බෝම්බ හෙලන ගුවන් යානයක් කඩා වැටෙයි - 8 දෙනෙක් මරුට - ගුවන් පථයත් වහාම වසා දමයි

Report

දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් බෝම්බ හෙලන ගුවන් යානයක් "ගුවන් ගත වී ටික වේලාවකින් කඩා වැටීමෙන්" පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට එම කඳවුර නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව එම අනතුර ඊයේ(15) දින දේශීය වේලාවෙන් රාත්‍රී 11:20 ට (GMT 19:20) සිදුව ඇත. අනතුරට පෙර අඳාළ යානය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටි අතර, එමඟින් සැතපුම් ගණනක් දැකගත හැකි වූ විශාල කළු දුමාරයක් අහසට නිකුත් වූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කර්නල් ජේම්ස් හේස් සඳහන් කර ඇත්තේ, "අද, එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා, ඒ වගේම අපට ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන් අට දෙනෙකු අහිමි වුණා," යනුවෙන්.

හෙලිකොප්ටර් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - සියලු දෙනා ජීවිතක්ෂයට - මිය ගිය අය අතර සුප්‍රසිද්ධ ගායකයෙක් සහ ලෝක ප්‍රකට යූ ටියුබ්කරුවෙක්

හෙලිකොප්ටර් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - සියලු දෙනා ජීවිතක්ෂයට - මිය ගිය අය අතර සුප්‍රසිද්ධ ගායකයෙක් සහ ලෝක ප්‍රකට යූ ටියුබ්කරුවෙක්

මේ අතර අනතුර "දිවි ගලවා ගත නොහැකි" බවට මූලික ඇඟවීම් ඇති බවත්, හදිසි කණ්ඩායම් වහාම එම ස්ථානයට ප්‍රතිචාර දැක්වූ බවත් කඳවුර මීට පෙර සඳහන් කර ඇත.

බෝයිං B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් යානය 1950 ගණන්වල සිට අමෙරිකානු හමුදාව විසින් භාවිතා කර ඇති අතර එය "ද බෆ්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. මේ අතර ගුවන් දර්ශනවල අනතුර සිදු වූ ස්ථානයේ ගිනිගත්, දුම් දමන භූ දර්ශනයක් පෙන්නුම් කරයි.

අමෙරිකාවේ දරුණු ගුවන් අනතුරක්- 12 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ දරුණු ගුවන් අනතුරක්- 12 දෙනෙක් ජීවිතක්ෂයට

ඒ අනුව කඳවුර X හි පසුව සිදු කළ යාවත්කාලීන කිරීමකදී, සඳහන් කර ඇත්තේ "ගුවන් තොටුපළ වසා දමා ඇති අතර, පැමිණෙන සියලුම ගුවන් යානා හරවා යවන" බවයි.

ඒ "හදිසි ප්‍රතිචාර මෙහෙයුම් කෙරෙහි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීමට ඉඩ සැලසීම සඳහා, නැවත දැනුම් දෙන තුරු සියලුම වාණිජ නොවන අමුත්තන්ගේ අවසර පත්‍ර අත්හිටුවා ඇත." යනුවෙන්.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි