ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ රැසකට තද වැසි!
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය අද දින පස්වරු 4.00ට නිකුත් කරන ලදී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකිය. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වූ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්