නීති විරෝධී ලෙස තැන්පතු භාරගත් දඹුල්ලේ ව්‍යාපාරිකයෙකුට මහ බැංකුවෙන් දැඩි නියෝගයක්- තැන්පතු සල්ලි වහාම ආපසු ගෙවන්න

Report

අනුමත නොලත් ආකාරයෙන් තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව, මහජනතාවගෙන් තවදුරටත් තැන්පතු භාර ගැනීම වහාම නතර කරන ලෙසත්, ගෙවීමට ඉතිරිව ඇති සියලු තැන්පතු වගකීම් ආපසු ගෙවන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව දඹුල්ලේ පදිංචි පුද්ගලයෙකුට නියෝග කර තිබේ.

2026 ජූලි 15 වැනිදා සිදුකළ තීරණයකට අනුව, දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර මහතා 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් 16 වැනිදා නිකුත් කළ මහජන නිවේදනයක සඳහන් කර ඇත.

මහ බැංකුව පවසන්නේ 2019 සිට 2022 දක්වා කාලය තුළ අදාළ පුද්ගලයා පොරොන්දු නෝට්ටු (Promissory Notes) නිකුත් කිරීම සහ ණය ගිවිසුම්වලට එළැඹීම ඇතුළු ක්‍රම මගින්, අදාළ පනතේ විධිවිධානවලට පටහැනිව මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවයි.

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවද මහ බැංකුව සඳහන් කරයි. විමර්ශනයේ ප්‍රතිඵල මත මහ බැංකුව විසින් අදාළ පුද්ගලයා වෙත නියෝග දෙකක් නිකුත් කර තිබේ.

ණය ගිවිසුම්, පොරොන්දු නෝට්ටු හෝ වෙනත් ඕනෑම ක්‍රමයක් මගින් මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීම වහාම නතර කිරීම.

ගෙවීමට ඉතිරිව ඇති සියලුම තැන්පතු වගකීම් ආපසු ගෙවීම.

මහජන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, මූල්‍ය ව්‍යාපාර පනතේ 42(10) වගන්තිය යටතේ මෙම නිවේදනය ප්‍රසිද්ධියට පත් කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ භාරගෙන ඇති තැන්පතුවල සමස්ත වටිනාකම, ඊට බලපෑමට ලක්වූ තැන්පත්කරුවන් සංඛ්‍යාව හෝ ගෙවීමට ඉතිරිව ඇති තැන්පතු වගකීම්වල වටිනාකම පිළිබඳ තොරතුරු සඳහන් කර නොමැත.

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

හෙට වර්ජනයට පෙර අද රාත්‍රියේ සිටම දුම්රිය ධාවනය අඩපණ වන ලකුණු - අවලංගු වන දුම්රිය මෙන්න

හෙට වර්ජනයට පෙර අද රාත්‍රියේ සිටම දුම්රිය ධාවනය අඩපණ වන ලකුණු - අවලංගු වන දුම්රිය මෙන්න

Gallery