ගාසා තීරයෙන් තවත් ඛේදවාචකයක්- යුද්ධයෙන් හානි වූ ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 5 දෙනෙකු ඇතුළු 20ක් මිය යයි

By Kanchana Sep 16, 2026 10:53 AM GMT
Report

ගාසා තීරයේ යුද්ධයෙන් හානි වූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් පස් දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් දුසිම් ගණනක් අතුරුදන්ව සිටින බව ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

ගාසා නගරයේ තාල් අල්-හවා ප්‍රදේශයේ පිහිටි බහුමහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර මළ සිරුරු සහ දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරන ආකාරය වීඩියෝ දර්ශනවලින් දැක්වේ. ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් එකිනෙක මතට කඩා වැටී ඇති බව වාර්තා වේ.

අනාරක්ෂිත තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම් පැවතියද, පවුල් 10ක් පමණ එහි මහල් නිවාසවල පදිංචිව සිටි බව ප්‍රදේශවාසීහු පවසති.

හමාස් පාලනය යටතේ පවතින සිවිල් ආරක්ෂක ගලවා ගැනීමේ සේවයේ සාමාජිකයන් පවසන්නේ ගාසා තීරයට බර ගලවා ගැනීමේ උපකරණ ඇතුළත් කිරීමට පනවා ඇති ඊශ්‍රායල සීමා හේතුවෙන්, මුලදී ඔවුන්ට “හිස් දෑතින්” මෙහෙයුම් සිදුකිරීමට සිදුවූ බවයි.

පසුව බර යන්ත්‍රෝපකරණ කිහිපයක් ණයට ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. මේ අතර, සෞඛ්‍ය නිලධාරීන් සහ හමාස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, අඟහරුවාදා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් පස් දෙනෙකු මියගොස් තිබේ. මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු සහ හමාස් අණදෙන නිලධාරියෙකු සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

වාර්තා වූ ප්‍රහාර දෙකකදීම ළමයෙකු මියගිය බව සඳහන් වේ.

වෙනම සිදුවීමකදී, බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන ‘පලස්තීනුවන් සඳහා වෛද්‍ය ආධාර’ (Medical Aid for Palestinians) සංවිධානය පවසන්නේ උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ තම සහාය ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානයකදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් රෝගියෙකු මියගිය බවයි.

ශ්‍රී ලංකන් - එයාර්බස් ඩොලර් මිලියන 2ක වංචාව -නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකන් - එයාර්බස් ඩොලර් මිලියන 2ක වංචාව -නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට