හෙට වර්ජනයට පෙර අද රාත්‍රියේ සිටම දුම්රිය ධාවනය අඩපණ වන ලකුණු - අවලංගු වන දුම්රිය මෙන්න
හෙට දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6ක් අවලංගුවනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ .
ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුව සිට මඩකළපුව බලා ධාවනය වන දුම්රිය ,රාත්‍රී 8ට කොළඹ කොටුව සිට කංකසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය සහ රත්‍රී 9.30 මඩකළපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගුවන බව සඳහන් වෙයි
ඒ වගේම අදාල දුම්රිය අවලංගුවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන බලධාරීන් මේ දක්වා නිෂ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.