මක්කම ඉලක්ක කරගත් හූති ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යර්ථ කරයි - සෞදි හමුදාවෙන් දැඩි ප්‍රතිප්‍රහාර
යේමනයේ හූති සටන්කරුවන් විසින් සෞදි අරාබියේ මක්කම ඉලක්ක කරගනිමින් එල්ල කළ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව සෞදි ආරක්ෂක අංශ පවසනවා.
පුපුරන ද්‍රව්‍ය රැගෙන ගමන් කළ නියමුවන් රහිත ඩ්‍රෝන යානය ගුවනේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්ව ඇති බව සඳහන්.
මක්කම ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රධානතම පූජනීය නගරය වන අතර, ඉස්ලාම් ආගමේ ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා උපත ලැබූ නගරය ලෙසද එය සැලකෙනවා.
යේමන රජයේ හමුදා සහ හූති සංවිධානය අතර දිගුකාලීනව පවතින ගැටුම හේතුවෙන් කලාපයේ ආරක්ෂක තත්ත්වයද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඇමරිකානු ජනතාව නොඉවසිලිමත් වෙයි - ඉදිරි මාසවලදී ඉරාන යුද්ධයට වෙන්න යන දේ ඇමරිකානු උප ජනාධිපතිගේ කටින්ම පනී
හූති සංවිධානය යේමනයේ ප්‍රධාන සන්නද්ධ කණ්ඩායමක් වන අතර, එය ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරනවා. යේමන රජයට සෞදි අරාබිය ඇතුළු රටවල සහාය ලැබී තිබෙනවා.
මෙවැනි ආරක්ෂක තත්ත්වයක් හමුවේ මක්කම ඇතුළු සෞදි අරාබියේ පූජනීය ස්ථාන වෙත පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.
මේ අතර, හූතිවරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) ද ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වනවා.