හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුද රළු වෙයි- ධීවර සහ නාවික ප්‍රජාවට හදිසි අවවාදයක්
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ
එබැවින් එම මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි
මෙම නිවේදනය අද (08) රාත්‍රී 11.00 සිට හෙට (09) දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ