මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්
මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව පවතින්නේ 34% ක පමණ පහළ මට්ටමක පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.
එසේම පසුගිය පැය 24 සහ 48 ක කාලය තුළ මාතර, ගාල්ල, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී ඇති බව ඔහු කියයි.
මේ අතර ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය වශයෙන් මිලිමීටර් 40ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
තවද අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25ත් 30ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇත.
කෙසේ වෙතත් වියළි කලාපයේ ඇතැම් ප්රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන අතර, විශේෂයෙන් මාදුරුඔය සහ ඒ් අවට තෙත් කලාපීය ප්‍රදේශවලට ඉකුත් දිනවල මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී තිබෙනවා.
එසේ වුවද මෙම වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී නොමැති අතර ජලාශවල ජල මට්ටම්වලද විශාල වර්ධනයක් සිදු වී නොමැති බව සඳහන්.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව අද(08) දිනයේදීද ඌව සහ නැගෙනහිර පළාත්වලට වර්ෂාව ලැබෙනු ඇති බව අපේක්ෂා කරයි.
එමෙන්ම ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහ කන්නය සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.