ඇතුළේ ඉන්න නාමල් වෙනුවට මහින්ද නැගිටියි - ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරන්න හදන 12 වෙනිදා රැලියට එජාපෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.
අඳාළ නිවේදනය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් නිකුත් කර ඇත.
ඒ අනුව එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමු කර ඇත.
ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි
අඳාළ ලිපියෙන් දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයෙන් අඩපණ නොවී, 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය වෙත එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි.
නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට