දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් වහලා - රුපියල් බිලියන 24ක් පාඩුවක් - මැති සබය හොල්ලමින් නි. ඇමති කට අරී
2024 වසරේ ජනවාරි සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද (08) දින පාර්ලිමේන්තුවේ චානක මාදුගොඩ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ අගෝස්තු මස 17 වැනිදා වනවිට රට පුරා සතොස වෙළෙඳසැල් 424ක් පිහිටා ඇති බවයි.
එසේම ඔහු අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුව මෙරට බලය අත්පත් කරගන්නා අවස්ථාවේදී සතොස ආයතනය රුපියල් බිලියන 24ක් පාඩුවක් ලැබූ බවයි.
තවද එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ වනවිට රුපියල් බිලියන 11ක ණයක් සහ රුපියල් බිලියන 05ක බැංකු අයිරාවක් එම ජාලය සතුව පැවති බවයි.