හඬක් නගන්න බැරි වුණාට කමක් නෑ -ශ්‍රව්‍යාබාධිතයින්ට පොලීසියෙන් WhatsApp වීඩියෝ සේවාවක්

Report

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ නව වැඩපිළිවෙළක් මෙම මස 10 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

160 වන පොලිස් දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ, ස්ථිර කෙටි අංකයක් හඳුන්වාදෙන තෙක් පහත පියවර අනුගමනය කරමින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකියාව තිබේ

011-2809980 යන දුරකථන අංකය ඔබගේ ජංගම දුරකථනයේ ගබඩා (Save) කරගන්න. WhatsApp හරහා එම අංකය වෙත දුරකථන ඇමතුමක් (Audio Call) ලබාදෙන්න.

එවිට එම ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වී, ඔබගේ දුරකථනයට විශේෂ සබැඳියක් (Link) ලැබෙනු ඇත. එම Link එක හරහා නැවත පිවිසෙන්න.

එහි දිස්වන "Join Browser"යන්න click කර, ඉන්පසු "Join Meeting" වෙත යොමු වන්න.

මෙම ක්‍රියාවලියෙන් පසු ඔබව වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වන අතර, ඒ හරහා පහසුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන්ම මෙම සුවිශේෂී සේවාව ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කර ඇත

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්