රටේම ආදරේ දිනූ වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගයි
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) දින විශ්‍රාම ගනු ලැබූ බව වාර්තා වේ.
ඒ වසර තිස් අටක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි. එසේම ඔහුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් ද පැවැත්වුණ බව සඳහන්.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ, ඔහු නීතිවේදී (LL.B) සහ නීතිඥවරයෙකු මෙන්ම මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විය.
එසේම කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටුකළ ඔහු, තම වෘත්තීය නිපුණතාවය සහ සරල, මිත්‍රශීලී ගුණාංග හේතුවෙන් ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.
එසේම ඔහු අවිස්සාවේල්ලේ, කොස්ගම උපත ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වේ.
එමෙන්ම අජිත් රෝහණ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය (LL.B) ලබාගත් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වේ.
2020 වසරේදී ඔහුට පොදු මහජන සේවය උදෙසා සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමා ඇති බව සඳහන්.