ඉදිරියේදී පෙරහැරට ඇත්ත අලි නෑ - ඒ වෙනුවට රොබෝ අලි මෙන්න විස්තරය

Report

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි තායිලන්තයෙන් මෙරටට ගෙන්න වූ තායි ඇතුන් දෙදෙනා.

මෙම ඇතුන් දෙදෙනාට ශ්‍රී ලංකාව තුළ නිසි රැකවරණය නොමැති වීම මත යළි එරටට රැගෙන ඒමට කටයුතු කරන බවට පුවතක් සැලවේ.

එවැනි කතාබහක් නිර්මාණය වන වකවානුවක රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරන පංචාලි පනාපිටිය මහත්මිය අලි ඇතුන් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකොට ඇත.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

එහිදී ඇය සඳහන් කළේ කණ්ඩුල සහ තායි රාජා වැඩ කරනවා වැඩි සහ පෙරහැරවල් වලට වැඩියෙන් යොදා ගන්න නිසා ඔවුන්ගේ සෞඛ්‍යමය ගැටලු මතුවී ඇති බවයි.

එමෙන්ම සුබ සාදන පහසුකම් ඇතුන්ට ගොඩක්ම අවම මට්ටමේ පවතින බවත් මේ වන විට තායිරාජා ඇත්තටම විශ්‍රාම ලැබිය යුතු වයසේ පසුවන සතෙක් බවත් ඇය සඳහන් කළාය.

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන් කොටුව සහ ඇයගේ ආදරණීය සැමියා රංගනයට

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන් කොටුව සහ ඇයගේ ආදරණීය සැමියා රංගනයට

ඒ වගේම සත්තුන්ට ආදරය කරන රටක් හැටියට පෙරහැරේ සතුන් ගෙනියන සංස්කෘතිය වෙනස්කොට අලි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් රෝබෝ අලි පාවිච්චි කිරීමට අවධානය යොමු කර යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය