සහල් නිසා සතොසට බිලියන 15ක ලොකු පාඩුවක්

Report

ඉකුත් 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම නිසා ලංකා සතොසට රුපියල් 15,157,031,018 ක පාඩුවක් සිදුව තිබෙන බවට හෙළි වී ඇත.

මේ බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ විට හෙළිව තිබෙනවා.

එසේම එහිදී කාරක සභාව 2014 සහ 2015 වර්ෂවලදී සිදුකර තිබුණු ආනයනික සහල්වලට රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් බව පෙන්වා දී ඇත.

ආනයනය කරපු ලුණුවල ලොකු ප්‍රශ්නයක්

ආනයනය කරපු ලුණුවල ලොකු ප්‍රශ්නයක්

තවද දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ නිසා රුපියල් 15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු වී ඇති බවත් කාරක සභාව දක්වයි.

එහිදී මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර තිබේදැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී තිබෙන බව එහිදී නිලධාරීන් පවසා ඇත.

කෝප් කමිටුවෙන් සුදුසු පරිදී ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවම අයකරගෙන නැති බවද සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්

එමෙන්ම සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම්වලට අනාගතයේ වෙළෙඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අතිකාරම් නොගෙවිය යුතු වුවද ඉකුත් 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් මුදල් වශයෙන් රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බවත් එම අවස්ථාවේදී කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව හෙළි වූයේ එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට විරුද්ධව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම මඟින් නඩු පවරා තිබෙන බවයි.

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්