එජාපය මැතිවරණ කොමිසමට...

By Parami Dissanayake Jul 17, 2024 05:36 PM GMT
Report

ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන මහත්වරු රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමට ගොස් මෙම ඉල්ලීම කළහ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂයේ නීතිඥවරුන් සමඟ ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හමුවී තම ඉල්ලීම ඉදිරිපත්කළ බවයි.

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ සම්බන්ධයෙන් චීනයෙන් ගෙනා යෝජනාව...

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ සම්බන්ධයෙන් චීනයෙන් ගෙනා යෝජනාව...

ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට මේ වන විට බලය ලැබී ඇති හෙයින් හැකි මෑතම දිනයේ දී ජනපතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටි බව කී රංගෙ බණ්ඩාර මහතා මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඉදිරිපත් කරන නඩු වලට තම පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැතැයි කොමිසමට දැනුම් දුන් බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකි සෑම සහයක්ම ලබාදෙන්නේ යැයි කොමිසමට දැනුම් දුන් බවද එජාප මහ ලේකම්වරයා කීය.