අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ සම්බන්ධයෙන් චීනයෙන් ගෙනා යෝජනාව...

By Parami Dissanayake Jul 17, 2024 05:07 PM GMT
Report

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුවට අදාළව විශේෂඥ කණ්ඩායමක් ස්ථාපනය කරන ලෙස චීනය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ලෝක වෙළඳ සංවිධානය වෙත පසුගිය 15 වනදා අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.

දින නියමයකින් තොරව බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල වසා දැමේ...

දින නියමයකින් තොරව බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල වසා දැමේ...

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ යටතේ එරට සහ ලොව ඇතැම් කලාපවල නව බලශක්ති මෝටර් රථ කර්මාන්තවලට සහනාධාර සැපයීම ඇතුළු පියවර සම්බන්ධයෙන් චීනය පසුගිය මාර්තු 26 වැනිදා ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වෙත නඩුවක් ඉදිරිපත් කර ඇත.

මෙන්න... ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

මෙන්න... ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

ඒ අනුව, තම බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධන අයිතිවාසිකම් සුරැකීම සහ සාකච්ඡා මාර්ගයෙන් අමෙරිකාව සමග එකඟතාවකට පැමිණිය නොහැකි බැවින් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර තිබූ බව ද සඳහන් ය.

එසේම, මීට අනුකූලව අදාළ රටවල නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය සඳහා සහනාධාර සැපයීම මගින් චීනය ඇතුළු ලෝක වෙළඳ සංවිධාන සාමාජික රටවල නිපැයුම් ප්‍රතික්ෂේප කෙරෙන බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.