රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සජිත් එන්නැල්ලු හැබැයි නාමල් රාජපක්ෂ එනවලු
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා (20දා) පෙරවරු 9.00 ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
මෙම සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙක්ම සහභාගී වීමට සුදානම්ව ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පැමිණීමට සිටීමද විශේෂත්වයකි. නමුත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගී නොවන බව තොරතුරු පල වේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට එක්වීමට සුදානම් බවයි.