පන්දමට රාජ්‍ය සේවයට ගිය අයට වැඩ වරදි සියල්ල ගෙදර?

Report

රාජ්‍ය සේවය කියන්නේ හැමෝම යන්න කැමතියි රැකියාවක් කරන්න කැමති අංශයක්.ඒ නිසාම බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට යන්න ඕනිම දෙයක් කරන්න සූදානම්.

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -

පසුගිය රජයන් බලයට පත්වූ පසු ඔවුන්ගේ පක්ෂ වලට වැඩ කෙරූ බොහෝ හිතවතුන්ට රාජ්‍ය සේවය පත්වීම් ලබාදීම සිදුකර ඇත.නමුත් වර්තමාන ආණ්ඩුව එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බව පුන පුනා සඳහන් කරයි. ඒ වගේම ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ එසේ සිදුවීමට කිසිසේත් ඉඩ නැතැයි සඳහන් කරයි.

ඒ අනුව පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මින් සමහරුන් ස්ථාන මාරු කර යැවීමටද රජයේ අවධානය යොමුව ඇත.

මට නොබෙල් සාම ත්‍යාගය ඕනේ - ට්‍රම්ප් සටන් වදි

මට නොබෙල් සාම ත්‍යාගය ඕනේ - ට්‍රම්ප් සටන් වදි

මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන සහ මුදල් අවභාවිතාව සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතින බව දැනගන්නට ඇත. ඇතැම් නිලධාරිනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද පසෙකට තල්ලු කර දමමින් ඉතා පහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණි අය වන අතර ඔවුන්ගේ පරිපාලනය දැනුමද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් ඇත.

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි