විශ්වවිද්‍යාල සිසුන් සඳහා සුපිරි මහල් නිවාස සංකීර්ණයක්..

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා නිවාස ඒකක 144 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ, නාරාහේන්පිට ඉදිකළ මෙම නිවාස සංකීර්ණයේ නේවාසික පහසුකම් සපයන සිසුන් සංඛ්‍යාව 800 ක් බවයි පැවසෙන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ,නිදන කාමර දෙකකින් සමන්විත වර්ග අඩි 450 ක එක් නිවසක වත්මන් වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බවයි.

එම අධිකාරිය මෙම මහල් නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ නිදහස් දීමනාවක් ලෙසයි.

අනෙක් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද මෙවැනි නිවාස සංකීර්ණ ඉදිකිරීමේ හැකියාව සොයාබලන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

2023 උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

2023 උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..