UNICEF එකෙන් ලංකාවට නරක වාර්තාවක් - පාසල් රැසකට චෝදනා

Report

ශ්‍රී ලංකාවේ පාසල් ආපනශාලා තුළ සෞඛ්‍යයට අහිතකර ආහාර විකල්ප සුලබව පවතින බවත්, සෞඛ්‍ය සම්පන්න ආපනශාලා පවත්වාගෙන යාමට වන රජයේ මාර්ගෝපදේශ බරපතළ ආකාරයට උල්ලංඝනය වන බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මඟින් සම්පාදනය කරන ලද වාර්තාවකින් හෙළි වී ඇත.

පාසල් තුළ අධික සීනි, ලුණු හෝ මේද සහිත ආහාර විකිණීම තහනම් වේ.

එවැනි තත්ත්වයක එම වාර්තාවට අනුව තක්සේරුවට භාජනය වූ ස්ථිර ආපනශාලා සහිත පාසල් 70න්, පාසල් පරිපාලකයින්ගෙන් 91%ක් 'සෞඛ්‍ය සම්පන්න ආපනශාලා පවත්වාගෙන යාමේ මාර්ගෝපදේශය' සම්බන්ධයෙන් දැන සිටියත් එම මාර්ගෝපදේශය සම්පූර්ණයෙන්ම අනුගමනය කරන බව වාර්තා වන්නේ එම පාසල්වලින් 34%ක් පමණයි.

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

ඒ අනුව 2025 ජූලි මාසයේදී නිකුත් කරන ලද "Strengthening Nutrition in Schools in Sri Lanka" නම් මෙම වාර්තාව අනුව පාසල් ආපනශාලා තුළ අධික තෙල් සහිත සහ පැණි රස ආහාරවල බහුලත්වය ගැටලුවක් බව සඳහන්.

තවද නිරීක්ෂණය කළ ආපනශාලා අතුරින් 83%ක තෙල්වල බදින ලද ආහාර (Deep-fried foods) විකුණා ඇත.

එසේම අධික පැණි රස ආහාර ආපනශාලාවලින් 51%කත් අධික ලුණු සහිත ආහාර ආපනශාලාවලින් 38%ක් අලෙවි කර ඇති බවද වාර්තා වේ.

මේ අතරෛන් සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන නැවුම් පලතුරු අලෙවි කර ඇත්තේ ආපනශාලා තිබූ පාසල්වලින් 12%ක් තුළ පමණක් බව ද පවසයි.

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

ඊට අමතරව පෝෂණ අගයට අමතරව, ආපනශාලා තුළ සනීපාරක්ෂක භාවිතයන් ද අසමතුලිත බව නිරීක්ෂණය වී ඇත.

එම වාර්තාවට අනුව පිරිසිදු කවුන්ටර සහ සේවා ස්ථාන දක්නට ලැබී ඇත්තේ ආපනශාලාවලින් 55%ක් තුළ පමණක් වන අතර, ආහාර සපයන්නන් සුදුසු ආරක්ෂක උපකරණ (PPE) පැළඳ සිටියේ 43%ක් පමණයි.

එනිසා මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ 2015 දී නිකුත් කරන ලද ජාතික ආපනශාලා මාර්ගෝපදේශ දැඩි ලෙස බලාත්මක කිරීමේ සහ අධීක්ෂණයේ අවශ්‍යතාව වේ.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න