ඉවරයක් නැතුවම එකපිට එක වෙන මාරක අනතුරු..මරණ ගණනත් ඉහළට

Sri Lanka Accident Death Sinhala news Breaking News
By Kaushi Jun 12, 2025 03:02 AM GMT
Kaushi

Kaushi

Report

ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රීයේ දී අනතුරක් සිදුව ඇත.

ඒ ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ වම් පසින් රත්නපුර දෙසට මුහුණලා නවතා තිබූ බූම් ට්‍රක් ලොරි රථයක පිටුපස ගැටීමෙන්.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි අල්පිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

අඳාළ මෘත ශරීරය පල්ලේබැද්ද රෝහලේ තැන්පත් කර ඇති අතර ගොඩකවෙල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම ඊයේ රාත්‍රීයේ දී ශ්‍රී පුර පොලිස් වසමේ ශ්‍රී පුර සිංහපුර මාර්ගයේ පයින වංගුව අසලදී ශ්‍රී පුර දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ද පැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වීම නිසා මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එහිදී පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇත.

තුවාලකරුවන් ශ්‍රී පුර රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පදවිය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වූ සේවා ජනපදය, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

එසේම තුවාලකරුවන් අවුරුදු 16 හා 17 වයස්වල පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර‍යි.

අඳාළ මෘත ශරීරය පදවිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

ආයේ අනතුරු වෙන්න බෑ..වැඩ බලන පොලිස්පතිගෙන් රතු නිවේදනයක්

ආයේ අනතුරු වෙන්න බෑ..වැඩ බලන පොලිස්පතිගෙන් රතු නිවේදනයක්

ReeCha