හිටපු යුද හමුදාපති දැයෙන් සමුගනී
By Kaushi
ශ්‍රී ලංකාවේ 11 වන යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ අද (13) අලුයම යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවී ඇත.
ඔහු 1988, 1991 අතර කාලයේ මෙරට යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.
අනතුරුව 1995 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවා තිබෙනවා.
ඊට අමතරව යුද්ධය අවසන් කිරීමට විශේෂ බලපෑමක් කළ ස්නයිපර් බලකාය යුද හමුදාවට හදුන්වා දෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ බව සඳහන්.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වේ.
කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසා ඇත.