මධ්‍යම අධිවේගය ගැන විශේෂ දැනුම්දීමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා සම්බන්ධ කොටසේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසයේ ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එය රාජ්‍ය අරමුදල් භාවිතයෙන් සිදු කෙරේ. එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ, එහි ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා මෙම මාසයේදී අවසන් වන බවයි.
මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර හතර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට අදියර හතර සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට ප්‍රවේශ වීම සඳහා ප්‍රමාණාත්මක හා ගුණාත්මක මාර්ග පද්ධතියක අවශ්‍යතාව සපුරාලීමට මෙම පියවර ගෙන ඇත.