ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ? [VIDEO] [UPDATE]
අද දින කඩා වැටුණු අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානයේ සිටි මගීන් 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම බිහිසුණු අනතුරට ලක්ව ඇති ගුවන් යානය බෝයිං 787 වර්ගයේ වසර 11ක් පැරණි යානයක් බව ද වාර්තා වේ.
එමෙන්ම යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.
......................................................
ගුවන් යානය අනතුරට! 242ක් එක්ක මගීන්ට සිදු වුණ දේ මෙන්න [4.20
අද (12) දින ගුවන්ගත වීමෙන් අනතුරුව අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානය අනතුරකට ලක් ව ඇති බව එයාර් ඉන්දියා තහවුරු කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව වාර්තා වන පරිදී අහමදාබාද් සිට පැය 1338ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇති බව සඳහන්.
එසේම ඔවුන්ගෙන් 169 දෙනෙක්ම ඉන්දියානු ජාතිකයන් වන බව පවසයි.
ඉන් 53 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. එමෙන්ම එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් ද යානය තුළ ගමන් ගත් බව වාර්තා වේ.
මේ වන විට අනතුරෙන් තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් ඇති බව පවසයි.
එයාර් ඉන්දියා සමාගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ මෙම ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස කඩා වැටීමට ලක්ව තිබුණා.
