ජූලි පළමුවනදා සිට සිද්ධ වෙන දේ මෙන්න [VIDEO]

Report

ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට එරෙහිව සිදුවන ශ්‍රම හා අපචාරවලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

මෙම ප්‍රකාශය ඇය සිදු කළේ, ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය (12) වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ය. අමාත්‍යවරිය පැවසුවේ, ළමුන් වීදිවල සිගමනේ යෙදීම, අනාරක්ෂිත සේවාවල හා රැකියාවල යෙදවීම, ළමා වෙළෙඳාම, සහ ළමා මෙහෙකාර සේවයේ යෙදවීම වැනි ක්‍රියාවන්ට එරෙහිව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

“ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතාවක්. ඒ වෙනුවෙන් දැඩි නීතිමය රාමුවක් හඳුන්වා දීමටත්, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටත් අපි කටයුතු කරනවා,” යනුවෙන් ඇය අවධාරණය කළාය. මෙම වැඩසටහනේදී අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ළමා ශ්‍රමය සහ ළමා අපචාරවලට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ගත හැකි පියවර පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවයි.

“ළමුන් අනාරක්ෂිත රැකියාවල හෝ වෙළෙඳාමේ යෙදවීම වැනි ක්‍රියාවන් බරපතල ලෙස තහනම් කිරීමටත්, එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය සූදානම්,” යනුවෙන් ඇය සඳහන් කළාය. මෙම අවස්ථාවේදී, ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, සමාජ සුබසාධන සංවිධානවල නියෝජිතයින්, සහ ළමා අයිතිවාසිකම් සුරැකීමට කැපවූ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

එහිදී, ළමුන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව, සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය, සහ සිවිල් සමාජය එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරිය අවධාරණය කළාය. අමාත්‍යවරිය විසින් හඳුන්වා දුන් ඉදිරි සැලසුම් අනුව, ළමා ශ්‍රමය වැළැක්වීම සඳහා දැනට පවතින නීති රීති ශක්තිමත් කිරීම, ළමා ආරක්ෂණ ඒකකවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සහ ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

බුර්කාව ගැන විශේෂ නියෝගයක්...අද සිට..

බුර්කාව ගැන විශේෂ නියෝගයක්...අද සිට..

එසේම, ළමුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් තුළ හැදී වැඩීමට ඉඩ සැලසීම සඳහා රජය විශේෂ වැඩසටහන් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. පෝල්රාජ් මහත්මිය පැවසුවේ, “ළමුන් යනු රටේ අනාගතය. ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ මෙන්ම සමස්ත සමාජයේම වගකීමක්. ළමා ශ්‍රමය සහ ළමා අපචාරවලට එරෙහිව ‘සුන්‍ය ඉවසීම’ (Zero Tolerance) ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා,” යනුවෙන් ය.