අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

Report

නඩත්තු කටයුතු හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, මෙම නඩත්තු කටයුතු අවසන් කිරීමට දින 25ක කාලයක් ගතවන බවයි.

කලුවෙන් පැනූ වසන්ත.. දැන් සුදුවෙලා බඩ දාලා - අසේල සම්පත්

කලුවෙන් පැනූ වසන්ත.. දැන් සුදුවෙලා බඩ දාලා - අසේල සම්පත්

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වන ධාරිතාව මෙගාවොට් 300කි.

මේ අතර, මාස එකහමාරක පමණ කාලයක් නඩත්තු කටයුතු හේතුවෙන් අක්‍රීයව පැවති කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතය.

ඉස්සරහට පාන් කන එක අමතක කරන්න

ඉස්සරහට පාන් කන එක අමතක කරන්න

එමගින් ජාතික විදුලි පද්ධතියට එක් වන ධාරිතාව මෙගාවොට් 165කි, එය මාස එකහමාරක නඩත්තු කටයුතුවලින් අනතුරුව සිදු වේ.

පවතින වැසි තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් ලැබී ඇති හෙයින්, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු මෙලෙස සිදු කරන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල