ඇමෙරිකාව පුරා අලුත් මෙහෙයුමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීති විරෝධී සංක්‍රමණිකයින්ට එරෙහි නියෝගයට විරෝධය පළ කරමින් ආරම්භ වූ විරෝධතා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී ඇත.
මෙම විරෝධතා මුලින් ආරම්භ වූයේ ලොස් ඇන්ජලීස් නගරයෙනි. ලොස් ඇන්ජලීස් හි හයවැනි රාත්‍රියේ පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.
මේ අතර, වෙනත් ප්‍රධාන නගරවල ද විරෝධතාකරුවන් සහ පොලිස් බලකායන් අතර ගැටුම් හටගෙන ඇත. වොෂින්ටනයේ ස්පෝකේන් ප්‍රදේශය සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී පමණක් 30කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
රට පුරා ව්‍යාප්ත වන විරෝධතාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතරතුර, නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද රට පුරා ක්‍රියාත්මක වන අතර, එය මුලින් ආරම්භ වූයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි.
