කෲර හමුදා ප්‍රහාරය නිසා IRGC ලොක්කා දිවි පුදයි

Report

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි දිවි පිදූ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) රාජ්‍ය මාධ්‍ය අංශය වන ටෙහෙරාන් තස්නිම් වාර්තා කරයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ අද (13) අලුයම දී සියොන්වාදී පාලනය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් බව සඳහන්.

මෙම ඊශ්‍රායල ප්‍රහාර ඉරාන අගනුවර නේවාසික ගොඩනැගිලි ගණනාවක් ඉලක්ක කර ගෙන තිබෙනවා.

ඊශ්‍රායලය ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් සලාමි මිය යන විට ඔහු ටෙහෙරානයේ IRGC මූලස්ථානයේ සිටි බව වාර්තා වේ.

එසේම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් රැසක් මිය ගොස් ඇති බවත් සඳහන්. එසේම ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද පවසයි.

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය සහ එක්සත් ජනපදය අතර නව න්‍යෂ්ටික සාකච්ඡා වටයකට දින දෙකකට පෙරදී බව ප්‍රකාශ කරයි.

එමෙන්ම ට්‍රම්ප් පරිපාලනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය මෙම ක්‍රියාවට සම්බන්ධ නැති බවයි.

එහිදී මෙය ඊශ්‍රායලයේ ඒකපාර්ශ්විකව ක්‍රියාවක් බවද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව "අපි ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන අතර අපගේ ප්‍රමුඛතාවය කලාපයේ ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීමයි" යනුවෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇති බව සඳහන්.   

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න