දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න
By Kaushi
Air India සමාගමේ London Gatwick වෙත ගමන් බසින AI171 ගුවන් යානය ඊයේ දවසේ කඩා වැටුණේ පුද්ගලයන් 290ට මරු කටට යවලා.
ඒ ඛේදවාචකය නිසා ඇසෙන සංවේදී කතා තවමත් අවසන් වෙලා නැහැ.
එවැනි තත්ත්වයක මේ බිහිසුණු හදිසි අනතුරට හේතුව තවමත් අබිරහසක්.
හැබැයි ඒ එක්කම කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගත්තා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ගැන සොයන්න ඉන්දියාව මඟින් මෙහෙයවනු ලබන විමර්ශනයට එක්සත් රාජධානියේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ බෝයිං හි විශේෂඥයින් ද සම්බන්ධ වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.