ආයේ අනතුරු වෙන්න බෑ..වැඩ බලන පොලිස්පතිගෙන් රතු නිවේදනයක්

Report

පොලිස් මූලස්ථානය මඟින් මාර්ග අනතුරු සිදුවවීමට හැකි අවධානම් ස්ථාන හැඳින අඳාළ ස්ථාන ආරක්ෂිත ස්ථාන බවට පත් නොකරන සෑම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව වාර්තා වේ.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ සඳහා උපදෙස් හා නියෝග දැනටමත් සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුටම වැඩ බලන පොලිස්පතිවරයා මඟින් ලබාදී තිබෙනවා.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තිබෙන පොලිස් බල ප්‍රදේශ 607 ඇති අවධානම් ස්ථාන හඳුනාගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරගෙන ආරක්ෂිත කරලීම ඒ ඒ පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ හා රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්ගේ වගකීම බවයි.

එසේ නොකර නැවත එවැනි ආකාරයේ අනතුරු වාර්තා වන ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රථ වාහන ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු විසින් පවසා ඇත.

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සම්බන්ධයෙන් විශේෂඥ පොලිස් කමිටු වාර්තාව ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එය ඊයේ දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවතුනා.

අඳාළ මාධ්‍ය හමුවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක් වූ අතර ඔහු කියා සිටියේ මෙරට මාර්ග ආශ්‍රිතව දැඩි අනාරක්ෂිත අවධානම් ස්ථාන 779 ක් ඇති බවයි.

ඒ අනුව එම ස්ථාන ආරක්ෂිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට නිර්දේශ කර තිබෙනවා.

දන්සලක් වැඳලා ගැටුම විසඳන්න ගිය පුතුට මරණය...පියාට තුවාල

දන්සලක් වැඳලා ගැටුම විසඳන්න ගිය පුතුට මරණය...පියාට තුවාල