මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක් නිසා - කඩුවෙල නගරාධිපති (VIDEO)
කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දිනයේ තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරනවා.
හෙතෙම චෝදනා කරන්නේ මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවටයි.
ඔහු එහිදී කියා සිටියේ තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත්ය.
එය කුමන්ත්‍රණයක් යයිද පවසන නගරාධිපතිවරයා එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සධාරාචාරාත්මක ආචාර ධර්මද පසෙකළා කටයුතු කරමින් සිටින බවත් කියා සිටී.