ලොඩරයකට යට වි එහි ක්‍රියාකරු ජිවිතක්ෂයට…
ගිනිගත්හේන පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ ධාවනය වෙමින් තිබු ලොඩරයකට යට වි එහි ක්‍රියාකරු එම ස්ථානයේදිම (24) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ ලොඩර් යන්ත්‍ර ක්‍රියාකරු වශයෙන් කටයුතු කල හාලිඇල උඩුවර ප්‍රදේශයේ පදිංචි වයි.එම්.සදුන් රුවන් මදුසංක යන තරුණයකි. (24) දින උදැසන 7.30 ට පමන පොල්පිටිය විහාරස්ථානය අසලදි මෙම අනතුර සිදු වි ඇත.
එම ව්‍යෘපෘතියේ වැඩ කටයුතු සදහා ලොඩර් යන්ත්‍රෙයන් සිමෙන්ති මිටි කිහිපයක් නංවාගෙන ධාවනය වන අවස්තාවේ හදිසියේ ලොඩර් යන්ත්‍රයේ තිරිංගු ක්‍රියා විරහිත වි ලොඩර් යන්ත්‍රය පසු පසට ධාවනය වන අවස්තාවේ යන්ත්‍ර ක්‍රියාකාරු ලොඩර් යන්ත්‍රයෙන් බිමට පනින අවස්තාවේ ඔහු එම යන්ත්‍රයටම යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි සිද්ධිය පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ. මිය ගිය යන්ත්‍ර ක්‍රියාකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.