30ට අඩු පිරිස සඳහා එන්නත්කරණය ඇරඹේ! යුද හමුදාපති - දිනය සහ දිස්ත්‍රික්ක මෙන්න

Sri lanka covid 19 Vaccsination under 30 vacvsination
By Sithumi Sep 05, 2021 10:11 AM GMT
Sithumi

Sithumi

Report

 කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව වර්තමාන එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථානවලදී සහ සියලුම රෝහල්වලදී එම වයස් කාණ්ඩය සඳහා ද එන්නත් ලබාදීම සිදුවේ

. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙම මධ්‍යස්ථානවලදී එන්නත් ලබාදීම සිදුකෙරෙන බවය

මේ අතර කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදී ද සිදුකෙරේ.

 මේ බව රජය ප්‍රවෘත්ති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් .

Gallery