මධ්‍යම ආසියානු කාන්තා යොවුන් ‍වොලිබෝල් අද සිට

Report

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද (4 වැනිදා) සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සීදුව දවිසමර විද්‍යාල ක්‍රීඩාංගණය මධ්‍යස්ථානය කරගනිමින් නේවාසිකව පුහුණු කටයුතු සිදු කරමින් සිටී.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජාත්‍යන්තර වොලිබෝල් උපදේශක චාර්ල්ස් තිලකරත්න කටයුතු කරනු ලබයි.

ඒ වගේම  කණ්ඩායමේ    නායකත්වය සුලක්ෂනා පසිඳුනි වෙත හිමිව තිබේ.

තරගාවලියේ ප්‍රථම දිනය අද වන අතර, ආරම්භක තරගය පස්වරු 3ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, පස්වරු 5.30ට කිර්ගිස්තානය සහ නේපාලය අතර පැවැත්වේ.

මෙම තරගාවලියට රටවල් 4ක් – කිරිගිස්ථානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව – සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් අද ප.ව. 3.00 ට ආරම්භ වේ. අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල 9 වැනිදා ප.ව. 4.00 ට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ටීම් එකට අවශ්‍යම කෙනා - දසුන් කියන්නේ සුපිරි වැඩ්ඩේක් - උපුල් තරංග සහතික දෙයි

ටීම් එකට අවශ්‍යම කෙනා - දසුන් කියන්නේ සුපිරි වැඩ්ඩේක් - උපුල් තරංග සහතික දෙයි

අද හෙට (5 වැනිදා) ප්‍රථම තරගය කිර්ගිස්තානය හා මාලදිවයින අතරත් දෙවැනි තරගය ශ්‍රී ලංකාව හා නේපාලය අතරත් පැවැත්වේ.

ඒ වගේම   අනිද්දා (6 වැනිදා) ප්‍රථම තරගය මාලදිවයින හා නේපාලය අතරත් දෙවැනි තරගය ශ්‍රී ලංකාව හා කිර්ගිස්තානය අතර පැවැත්වේ.

අනතුරුව 8 වැනිදා ප්‍රසාද ලකුණු අනුව ප්‍රථම සහ සිව්වැනි ලැබූ කණ්ඩායම් දෙක අතරත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙක අතරත් අවසන් පූර්ව තරග පවත්වනු ලබයි.

තරගාවලියේ 9 වැනිදා අවසන් වේ. එදිනට අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් ප්‍රථම ස්ථානය සඳහාත්, පරාජිත කණ්ඩායම් තෙවැනි ස්ථානය සඳහාත් තරග වැදීමට නියමිත බව වාර්තා වේ. 

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්