“වසර 70ක සාපයක් ගැන කතා කළාට මේ වසර තුනේදී සැබෑ සාපය මොකක්ද කියලා ජනතාවට තේරිලා ඉවරයි'' - උලපනේ සුමංගල හිමි ආණ්ඩුවට දුන් දැඩි ප්‍රහාරය මෙන්න

Report

බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පවසති.

උන්වහන්සේ සඳහන් කළේ, වසර 70ක සාපයක් පිළිබඳව කතා කළ ද, වත්මන් වසර තුනක පාලන කාලය තුළ සැබෑ සාපය කුමක්ද යන්න ජනතාවට අවබෝධ වී ඇති බවයි.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කළ යුතු බවට ඉල්ලීම් කළ පිරිස් ආණ්ඩුව තුළ සිටියද, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට පවා කටයුතු කර නොමැති බවට ද උන්වහන්සේ චෝදනා කළහ.

වෘත්තීය සමිති මර්දනයට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව සඳහන් කළ උන්වහන්සේ, දෙසැම්බර් පළමුවැනිදා අධ්‍යාපන වියදම් ශීර්ෂය ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බව ද පැවසූහ.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා ද දැඩි විවේචනයට ලක් කළ උන්වහන්සේ, ගුරු සංගම් රැසක් ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සඳහන් කළහ.

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට තමන් සූදානම් බවත්, එදිනට පාර්ලිමේන්තුවේ දොරටු විවෘත කර දෙන ලෙසත් උන්වහන්සේ අභියෝග කළහ.

මඩ ප්‍රචාර සහ අවලාද මගින් සිය අරගලය නතර කළ නොහැකි බව අවධාරණය කළ උන්වහන්සේ, ඉතිහාසයේ දී ද අරගල ජයග්‍රහණය කර ඇති බැවින් මෙම සටන ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පැවසූහ.

අධ්‍යාපනය සඳහා සියයට හයක මුදලක් වෙන් කිරීමේ පොරොන්දුව වත්මන් ආණ්ඩුව යටතේ ඉටු වී නොමැති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක - හෙට දිවයින පුරා වෙන දේ මෙන්න

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක - හෙට දිවයින පුරා වෙන දේ මෙන්න

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි