රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක - හෙට දිවයින පුරා වෙන දේ මෙන්න
2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබේ.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත.
මේ අතර, ගුරු හා විදුහල්පතිවරුන් ද හෙට (23) සිට අයවැයට එරෙහිව විරෝධතාවල නිරත වීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා සඳහන් කළේ සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරමින් ජාතික කළු විරෝධතාවක් පවත්වන බවයි.
ආණ්ඩුව මෙම විරෝධතාවයට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි සතියේදී එය වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත්, නොවැම්බර් 30 වැනිදා වන විට අකමැත්තෙන් වුවද පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් ද හෙට දිනයේදී රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් මෙම ජාතික විරෝධතාවට එක්වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
ඊට අමතරව, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක නිරත වීමට ද සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.