රුසියානු ආක්‍රමණයට එරෙහිව විදේශිය භටයන්.එක්වෙයි.. ඉදිරියේදි විශේෂ දෙයක්..

srilanka Ukraine rusaia war
By Sithumi Mar 08, 2022 12:57 PM GMT
Sithumi

Sithumi

Report

රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව යුක්රේනය සමඟ එක්ව සටන් කිරීමට විදේශීය ස්වේච්ඡා සටන්කරුවන් 20,000 කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බව යුක්රේන ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කරනවා.

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පසුගිය ඉරිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ රටවල් හෙලි කිරීමට නොහැකි විදේශීය අයදුම්කරුවන් “20,000 ක් පමණ මේ වන විට සිය සටන හා එක්ව සිටින බවයි.

“ලෝකයේ රටවල් 52 ක පළපුරුදු යුධ ප්‍රවීණයන් සහ ස්වේච්ඡා සේවකයන් අප සමග අත්වැල් බැඳගෙන තිබෙනවා සත්තකින්ම මෙය ඔවුන්ගේ අධිෂ්ඨානය සහ ආශාවයි යනුවෙන් මෙම මාධ්‍ය හමුවේ දී විදේශ අමාත්‍යය කුලේබා කියා සිටියා. 

 රුසියානු හමුදා විසින් කිසිදු සාධාරණ පදනමකින් තොරව සිය රට ආක්‍රමණය කිරීමට එරෙහිව සටන් කිරීමට කැමති සටනේ පළපුරුදු ඕනෑම කෙනෙකුට යුක්‍රේන හමුදාව සමඟ එක් විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පසුගිය සතියේ ‍ප්‍රසිද්ධියේ කියා සිටියා. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග එයට අනුගත වූ විදේශ සටන්කරුවන් මෙම ආරාධනාවට යහපත් ප්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස යුක්රේන සටනට එක් වන කිසිදු සටන්කරුවකු හට එම රටට ඇතුළුවීමට වීසා ලබා ගත යුතු වන්නේ නැහැ. එම සියලු අවශ්‍යතා මෙම විශේෂ සටන් කරුවන් වෙනුවෙන් ඉවත් කර තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා නැවත රූපවාහිනිය හමුවේ පෙනී සිටි යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මේ වන විට 16,000 ක පමණ හමුදාවක් රුසියානු ආක්‍රමණ කරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා යුක්‍රේන හමුදාව සමග එක් වී ඇති බවයි.

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශ ෆේස්බුක් හි විදේශීය ස්වේච්ඡා සේවකයන් සඳහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඔබ යුක්රේන් ජාතිකයෙකු නොවුනද, රුසියානු ආක්‍රමණයට එරෙහිව ඔබ යුක්‍රේනය සමග සිට ගන්නේ නම්, ඒ සටන් හා එක්වීමට ඔබට අවකාශ ඇතිි බවයි.

මෙම නිවේදනයත් සමග යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ සිය හමුදා ඒකක සඳහා එක්වීමට සටන් අදත්දැකීම් ඇති විශේෂ සෙබළුන්ට විවෘතව ආරාධනා කරන බවයි. එහි වැඩිදුරටත් මෙසේද සටහන් වී තිබුණා "මෙය ක්‍රියා කිරීමට කාලයයි!" යුක්රේනයේ සන්නද්ධ හමුදාවන් සමග එරට “භෞමික ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර හමුදා ඒකකයට සම්බන්ධ වන්න! ඔබට දොරටු විවෘතයි...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now